Basic Linux Command

Opensource Jan 11, 2022

Open source පව්ලේ unix OS වලට නෑකම් කියන Linux, linux kernel එක මත base වෙලා තමයි තියෙන්නේ. Linux OS එකකට මාරු වෙලා Terminal එකක් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ ඇත්තටම ඒක අමුතුම ලොකේකට යනවා dවගේ වැඩක්. ගොඩක් අය පොදුවේ ගත්තාම බයයි Linux පාචිච්චි කරන්න, ඒත් බය වෙන්නවත් මහා ලොකුවට අමාරුයි කියලා දෙයක් නෑ.

Linux කියන අරුම පුදුම ලොකේට ඇතුල් වෙලා Linux terminal එකක මුලින්ම දැන ගන්න basic command මොනව ද කියලා බලමු.

Terminal එක open කරපු ගමන්, User account එකේ Home directory එකේ තමයි දැන් user ඉන්නේ.මෙන්න මේ වගේ තමා මුලින්ම terminal එක පෙන්නනේ.

[email protected]:-$

මේ දේත් පොඩ්ඩක් කියන්න ඔනේ, Link වල basic  file system එක තමයි root
කියලා කියන්නේ, (/) එකෙන් තමා root ව පෙන්නේ. ඒ කියන්නේ normally user ගේ directory එක පෙන්නනේ මේ වගේ

“ /home/username”.

හරි දැන් userට දැන ගන්න ඔනේ user ඉන්නේ කොහෙද කියලා “PWD” මෙන්න මේ command එක terminal එකේ ගහලා enter කරාම බලාගන්න පුලුවන් user ට ඒයා කොතන ද ඉන්නේ කියන දේ.

[email protected]:-$ pwd
/home/fossnsbm

මේ විදිහට ඔයා වැඩ කරන directory එකේ path එක බලාගන්න පුලුවන්. ඊට පස්සේ බලමු වැඩ කරන directory එක ( change the current working directory ) වෙනස් කරන්නේ, ඒ කියන්නේ අපි දැන් ඉන්න තැන ඉදලා වෙන තැනකට යන්නේ කොහොමද?

දැන් user ඉන්නේ home folder එකේ නම් user ට යන්න ඔනේ download folder එකට, අන්න එහෙම ඉන්න තැන ඉදන් තවත් තැනකට යන්න “cd” commad එක පාචිච්චි කරනවා. මේ cd command එක case sensitive එක හින්දා cd command එකත් එක්ක යන්න ඔනේ folder එකෙ නම හරියට ඒ folder එකේ තියෙන විදිහටම ටයිප් කරන්න ඔනේ.
home folder එකේ නෙ දැන් user ඉන්නෙ, එතන ඉදන් Downloads folder එකට යන්න………

[email protected]:-$ cd Downloads
[email protected]:~/Downlods$

මෙන්න මේ වගේ අදාල folder එකේ නම හරියටම ඒ විදිහට type කරලා ඒ අදාල folder එකට යන්න පුලුවන්.
Downloads folder එකේ තියෙන දේවල් මොනාද? “ls” command එකෙන් පුලුවන් ඔනේම directory එකක් ඇතුලේ තියෙන්නේ මොනාද කියලා බලාගන්න.

[email protected]:~/Downloads$ls
Pic  archlinux

මේ විදිහට Downloads folder එකේ තියෙන ඔක්කොම බලාගන්න පුලුවන්. දැන් ආයෙත් Downloads එකේ ඉදන් home එකට යන්නේ කොහොමද? “cd…” මෙ command එකෙන් ආපස්සට ‍යන්න පුලුවන්.

Directory එකක් හරි folder එකක් හරි අලුතෙන් හදාගන්න “mkdir” command එකෙන්,  FOSS Project කියලා directory එකක් හදාගන්න ඔනේ නම්……

[email protected]$ mkdir FOSS\Project

හදාගත්ත directory එක බලාගන්න පුලුවන් “ls” command එකෙන්. හදපු folder එකක් delete කරන්න ඔනේ නම් “rmdir” command එක පාච්චි කරන්නවා.

[email protected]:-$ rmdir FOSS\Project

file එකක් create කරගන්න “touch” command එක පාච්චි කරනවා.

[email protected]~Documents$ touch new.text
[email protected]~Documents$ ls
new.text

“mv” command එකෙන් file එකක් move කරන්න වගේම නම වෙනස් කරන්නත් පාචිච්චි කරනවා. new කියන file එකේ නම Linux කියලා rename කරන්නේ……

[email protected]~Documents$ new.text mv Linux.text
[email protected]~Documents$ ls
Linux.text

Sudo - Super User Do ගොඩාක් පාච්චි වෙන command එකක් තමා මේ sudo කියලා කියන්නේ, administration , root
සමග ගනුදෙනු කරනකොට මේ command එක ඔන වෙනවා.

System එකේ partition වල තව කොච්චර ඉඩ තියෙනව ද කියලා බලාගන්න පුලුවන් “df -m” command එකෙන්.,

Linux වල දි normally software එකක් හරි package එකක් හරි install කරනව නම් එහෙමත් නැද්ද update කරනව නම්, “apt get update “ පාච්චි වෙනවා.

[email protected]:-$ sudo apt get update

software එකක් හරි package එකක් හරි install කරනව නම්

[email protected]:-$ sudo apt get install “ packagename”

Terminal එක clear කරන්නේ “ clear “ command එකෙන්.

file permission වෙනස් කරන්න ඔනේ නම් “ chmod “ කියන command එක user කරනවා.

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.