Best Alternatives For Photoshop

May 11, 2021

         මෙම article එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ photoshop tool එක සඳහා තියෙන විකල්ප පිලිබඳව. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ article එක වැදගත් වෙන්නෙ දැනට photoshop crack එකක් භාවිතා කරන අයට සහ open source productsම භාවිතා කරන්න පුරුදුවෙලා ඉන්න අපේ යාලුවන්ට.

ඔබ designer කෙනෙක් වෙන්න පුලුවන්, ඔබ photographer කෙනෙක් වෙන්න පුලුවන්, නමුත් photoshop වගේ මිල අධික software එකකට වියදම් කරන්න හැකියාවක් ඔබට නැති වෙන්න පුලුවන්. මේ වෙලාවට තමයි Free And Open Source Softwares ඉතාමත් වැදගත් වෙන්නෙ.ඔබ Linux user කෙනෙක් නම් Adobe products භාවිතා කරන්න wine හෝ Virtual Machine(VM) එකක් භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. ඒත් අපි පහලින් සඳහන් කරන නිශ්පාදන Linux Distro වලත් හොදටම වැඩකරනවා.

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ $20.99 වගේ monthly subscription එකක් ගන්න Photoshop එක්ක මේ පහලින් සඳහන් කරන products ලොකුවට compare කරන එක සාධාරණ නැහැ. ඒ වගේම Photoshop දැනටමත් purchase කරල තියෙන කෙනෙක් නම් ඒවා අයින් කරගෙන මේ free softwares වලට switch වෙන එකත් අනුමත කරන්නෙ නෑ. කොහොම උනත් crack use කරල ගන්න risk එක හෝ අධික මුදලක් වැය වෙන එකට නම් මේ softwares හොඳ විසඳුමක් වේවි.

         මුලින්ම අපි සදහන් කරන්නෙ Photopea ගැන. Photopea තමයි දැනට තියෙන හොදම Online Photo editor එක. මේක web application එකක්. ඒ නිසා ඕනෑම web browser එකක කිසිම ගැටලුවක් නැතිව අපිට වැඩ කරන්න පුලුවන්. ඒ නිසා phone එකෙන් උනත් භාවිතා කරන්න පුලුවන්. ඔයා ගාව tablet, Stylus pen එකක් වගේ තියෙනවනං කරන්න කරන බැරි වැඩක් නෑ. ඒ වගේම කිසිම Download කිරීමක් හෝ Install කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ.

තවද Photopea ඕනෑම Image file type එකකට support කරනව. ඒ වගේම Photoshop වල අඩංගු සෑම file type එකකින්ම export කරගන්නත් පුලුවන්.

උදාහරණ :-

                 .psd

                 .ai

                 .xd

                 .sketch

                 .pdf

                 .xcf

                 Raw

                 Any other file type

Photopea එකේ UI සහ UX බොහෝදුරට Photoshop එකට සමානයි. ඒ නිසා photoshper කෙනෙක්ට භාවිතා කිරීම ඉතාම පහසු වන අතර කවදාවත් use කරල නැති කෙනෙක්ට ඒ experience එක හොඳටම ගන්න පුලුවන් තැනක් තමයි Photopea එක.

පුලුවන් නම් මේ Article එක කියවන එක පොඩ්ඩක් නවත්තලා Photopea try කරල බලන්න. Phone එකෙන් උනත් ගැටලුවක් නෑ. (හැබැයි ආයෙ ඇවිල්ලා ඉතුරු ටිකත් කියවන්න XD)

          GIMP කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ free and open source Software එකක් කියලා. ඔව් එක නිවැරදියි. ඇත්තටම බහුතරයක් Linux පරිශීලකයන්ගේ දැනටමත් Photoshop සඳහා භාවිතා කරන විකල්පය GIMP කිවහොත් මා නිවැරදියි. GIMP කියන වචනය ගැන කතා කලහොත් එයින් කියවෙන්නේ GNU Image Manipulation Program කියන එක.

GIMP මෘදුකාංගය පරිශීලකයන්ට ගොඩක් features හදුන්වාදී තිබෙනවා. Photo retouching, image authoring, image composition, painting, image format conversion හා Layer Management වැනි විශාල features ප්‍රමාණයකට GIMP මගින් පරිශීලකයන් හුරු කරා කිවහොත් මා නිවරදියි. ඉතිං ඒ වගේම කියන්න ඔනේ GIMP Software එක ගොඩක් පරිශීලකයන් අතර ජනප්‍රිය වෙන්න හේතුව තමයි ගොඩක් Extensions සහ plug_ing එක්ක වැඩකරන එක ලේසි වුන එක.

            Photoshop කියන්නෙ ඇත්තටම හොඳ software එකක්. ඒත් ලොකුම ගැටලුව තමයි එකේ price එක. Photoshop Annual Plan එක $239.88 ක් වෙනවා. ඒවගේම monthly plan එක $20.99 ක් වෙනවා (ඔයා මේ article එක කියවනකොට වෙනස් වෙලා තියෙන්න පුලුවන්). ඒත් Affinity photo software එක වෙන්නෙ $50 යි. මේ දවස් වල ලොකු offer එකක් දීලා තියෙන්නෙ 50% (ඔයා මේ article එක කියවනකොට prices වෙනස් වෙලා තියෙන්න පුලුවන්).

Affinityලගේ software තුනක් තියෙනවා.

  1. Affinity Designer
  2. Affinity Photo
  3. Affinity Publisher

Affinity Designer වඩාත් ප්‍රයෝජනවත් වන්නෙ Illustration කරන අයට, Affinity Photo වැදගත් වන්නේ Photoshop use කරන අයට, Affinity Publisher වඩත් වැදගත් වන්නෙ From books, magazines and marketing materials,  social media templates, website mock-ups and other projects වගේ කරන අයට.

           ඇත්තට Darktable ගැන කතා කරොත් මේ software එක ගොඩක් වැදගත් වෙන්නේ Photography පැත්තෙන් වැඩි අවදානයක් යොමු කරලා ඉන්න අපේ යාළුවන්ට කීවොත් මම නිවැරදියි. අපි මේ ලිපිය මගින් ගොඩක් දුරට Linux පරිශීලකයන්ට වැදගත් software ගැන කතා කරපු නිසා, මේ Darktable කියන software එකත් Linux පාවිච්චි කරන photography පැත්තට නැබුරු අපේ යාලුවන්ට ඉතාමත් හොද Open Source Software එකක් කියලා අපිට කියන්න පුලුවන්. ඒ වගේම මේ software එක macOS, Windows කියන OS තුලින්ද වැඩ කිරීමේ හැකියාව Darktable Software එක තුලින් ලබා දීලා තියනවා.

Photographer කෙනෙක් සොයන GPU- accelerated image processing , Professional Color Management, Exposure Control, Watermark, Split-toning, Artistic Grain, Base Curve සහ White Balance වැනි වැදගත් features වැනි, features වැඩි ප්‍රමාණයක් ලාබා දීම්ට Darktable Software එක develop කර තිබෙනවා. නමුත් photoshop සමඟ සංසන්දනය කිරීමේදී යම්තාක් දුරට මෙම software එකේ workflow එක පොඩි පොඩි වෙනස්කම් දකින්න පුලුවන් නමුත් user ට අවශ්‍ය සියලුම photography සම්බන්ද දේවල් Darktable හරහා සිදු කර ගත හැක.

            ඔබ drawing වල ආස කෙනෙක් නම් අනිවාර්යෙන් photoshop එකේ paint emulation ගැන උනන්දුවක් දක්වල ඇති. ඔබට ගැලපෙනම software එක තමයි Krita කියන්නෙ. Digital paintings, anime, cartoons, textures සහ concept art වගේ නිර්මාණ කරන්න professionals ලගෙ highly recommended software එකක් තමයි Krita. ඒ වගේම මේක fully free and open source professional software එකක්. ඒ නිසා Windows, Mac සහ Linux Distro යන ඕනෑම OS එකක භාවිතා කරන්න පුලුවන්.

Layer management, mirroring tools, brush engines සහ transform tools වගේ දේවල් විශේෂ ලක්ෂන වෙනව. විශේෂයෙන්ම කියන්න ඕනේ photoshop එකේ ඔබ use කරන tools Krita එකට import කිරීමේ හැකියාවත් පවතින නිසා ඔබ drawing වලට ආස කෙනෙක් නම් අනිවාර්‍යයෙන්ම try කරල බලන්න.

           InkScape ගැන කතා කිරීමේදී මෙම Software එක දැක්ක ගමන් කෙනෙක්ට හිතෙන්නේ Adobe Illustrator වලට ආපු alternative එකක් කියලා. ඔව් ඒක තරමක් දුරත ඇත්තක් කියලා අපිට කියන්න පුලුවන්. අපි කතා කලිම් කතා GIMP ලගෙම product එකක් තමයි InkScape කියන්නෙ. ඇත්තටම InkScape කියන්නෙ හොද Illustration software එකක් වගේම එය Professional vector graphics Editor එකක්. නමුත් මේකේ තියන layer management support, Object creation tools, සහ transformation tools වගේ දේවල් ගොඩක් වෙලාවට ගැලපෙන්නේ Designer කෙනෙක්ට නෙමෙයි ඇත්තටම ගැලපෙන්නේ photographer කෙනෙක්ට. තවත් විශේෂම කාරණාව තමයි මේ software එකත් Free and open source වීම. ඒය Linux පරිශීලකයන්ට ඉතාමත් වැදගත් කාරනාවකි.

ඉතිං මෙම ලිපිය සමඟ එකතු වුන ඔබට ස්තූතී කියනවා වගේම අනිවාරෙන්ම ඔයාලා මෙහිදී සාකච්ඡා කෙරූ software සමඟ වැඩ කිරීමෙන් ඔබට ලැබුනු අත්දැකීම් අප හා හුවමාරු කර ගැනීමටද අමතක කරන්න එපා.

Writers :- Prineth Fernando & Isura Dilshan

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.