Debian GNU / Linux 11 Default theme “Bullseye”
2021 ගිම්හානයේදී එළිදැක්වීමට නියමිත Debian GNU/Linux 11 “Bullseye” මෙහෙයුම් පද්ධතිය සඳහා පවත්වන ලද චිත්‍ර නිර්මාණ තරඟයේ ජයග්රාහික ඩේබියන් ව්‍යාපෘතිය අද නිවේදනය කළේය.
පසුගිය මාස තුන තුළ, ඩේබියන් ව්‍යාපෘතිය එහි Debian GNU/Linux මෙහෙයුම් පද්ධතියේ මීළඟ ප්‍රධාන නිකුතුව සඳහා වාර්ෂික කලා නිර්මාණ තරඟය පැවැත්වීය. එහිදී සියලුම තරඟකරුවන්ගෙන් අවසාන වටය සඳහා කලා නිර්මාණ යෝජනා 17 ක් පමණ තේරී තිබුණි.පසුව Debian ප්‍රජාව (community) විසින් ප්‍රකාශ කළ ඡන්දය පරිදි අවසාන ජයග්‍රාහකයා අනාවරණය වී තිබේ.
මෙහි ජයග්‍රාහකයා Juliette Taka වන අතර ජනප්‍රිය ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතියේ මීළඟ ප්‍රධාන අනුවාදය වන Debian GNU/Linux 11 “Bullseye” හි සුපුරුදු තේමාව ලෙස ඇගේ “Homeworld” කලා කෘතිය භාවිතා කරනු ඇත.ඇයගේ එම තේමා කලා කෘති Default wallpaper, පිවිසුම් තිරය, installer, ඇරඹුම් තිරය යනාදී මේ සඳහා භාවිතා කරයි.
“Homeworld is a theme inspired by the Bauhaus movement, an art style born in Germany in the 19th century and characterized by its unique approach to architecture and design,” said Juliette Taka. “I wanted to create a bridge between this art style and Debian.”
Juliette Taka Logilab හි සේවය කරන අතර ඇය වසර හතකට වැඩි කාලයක් Debian GNU/Linux භාවිතා කරයි. ඇය illustration සෑදීම සහ කොමික් පොත් ඇඳීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. ඇය Debian GNU/Linux 8 “jessie” හි රේඛා තේමාව සහ Debian GNU/Linux 9 “stretch” හි භාවිතා කරන සොෆ්ට් වේව්ස් තේමාවද නිර්මාණය කර ඇත.
Debian GNU/Linux 11 "Bullseye" මෙහෙයුම් පද්ධතියේ අවසාන නිකුතුව 2021 ගිම්හානයේ මුල් භාගයේදී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.තවද මෙම මෙහෙයුම් පද්ධතිය දිගුකාලීනව සහාය දක්වන ලිනක්ස් 5.4 කර්නල් ශ්‍රේණියෙන් බල ගැන්වෙනු ඇති අතර විවිධ නව විශේෂාංග සහ වැඩිදියුණු කිරීම් ඉදිරි මාස වලදී මෙයට ඇතුළත් වේ.
Source = 9to5linux, wiki-Debian