Website එකක් ලේසියෙන් Free host කරගමු!
ගිය මාසේ මට ඕන වුණා free of charge වඩාත් ඉක්මන් සහ වඩාත් පහසු ක්රමයක් අපේ web development project එකක් host කර ගන්න. ඔය ගැන google search කරන කොට තමයි Netlify එක ගැන දැන ගත්තේ.
වර්තමානය අපිට ගොඩක් website hosting platforms බලාගන්න පුළුවන්. Netlify කියන්නේ ඒ අතර ඉහළින්ම ඉන්න platform එකක්. වැදගත්ම දේ තමයි අපිට මේ සර්විස් එක free ගන්න පුලුවන්
මොකක් ද මේ Netlify ?
Netlify කියන්නේ static websites වලට serverless backend services සපයන cloud hosting platform එකක්.
ඉතාමත් සරලව කිව්වොත් ඔයාලගේ static website host කරගන්න පුළුවන් තැනක්.
මං කලින් සඳහන් කරා වගේම,
Netlify අපිට cloud hosting services ලබා දෙන අතර එමගින් serverless backend service එක සමග backend operations handle කිරීමේ හැකියාව ද අපට ලබා දෙයි.
Serverless backend ඒ කියන්නේ මොකක්ද කියලා දැනගන්න මේ link එක ක්ලික් කරන්න.
කොහොමද Netlify එකේ host කරන්නේ?
අපේ website source code එක තියාගෙන github repository එක Netlify එකට pull කරලා ලේසියෙන්ම හොස්ට් කරගන්න පුලුවන්.
Login වෙලා වැඩකරගෙන යන විදිහේ screen shot පහලින්.








මෙතනින් ඉවර වෙන්නෙ නෑ ඔයා Git repository එකේ කරන ඕනෑම වෙනස්කමක් මේකෙ realtime change කරනවා.
මේ තියෙන්නෙ ඒ ගොල්ලන්ගෙ plans වල prices දැනට අපේ වැඩ වලට free plan එක ඒ හොඳටම ප්රමාණවත්

Thank you for reading. Leave a comment.