Machine Learning and Artificial Intelligence (AI)

Jun 14, 2021

අද වෙනකොට ලෝකයේ හුගක් trending යන subject එකක් තමා මේ Machine Learning සහ AI කියන්නෙ. සරලව කෙටි හැදින්වීමකින් කිව්වොත්,

AI කියන්නෙ චර්‍යා රටා හා හැසිරීම්, ඒ වගේම චින්තන හැකියාව තියන කෘතිම බුද්ධියක් කියල කිව්වොත් හරි. Data set එකකින්, විශේශයෙන් program නොකර දේවල් ඉගෙනගන්න පුළුවන් හැකියාව තමයි Machine Learning (ML) කියන්නෙ. මේක AI වල උපකුලයක් විදිහටත් හදුන්වන්න පුළුවන්. තවත් පැහැදිලි කලොත් ML කියන concept එක නිසා AI වැඩි දියුණු වෙනවා.

Artificial Intelligence

සරල අර්ථකථනයක් දුන්නොත් AI කියන්නෙ මිනිස් බුද්ධියට සමාන බුද්ධියක් තියන පද්ධති හදන්න පුළුවන් තාක්ෂණයක්.

මේ AI කියන තාක්ෂණය අපිට අපේ වෙන computer base programs වගේ instructions දීලා වෙනම create කරන්න ඕනි දෙයක් නෙවේ. අදාල algorithms පාවිච්චි කරල, ලැබෙන data sets අධ්‍යනය කරල ලැබෙන දත්ත වලින් තමා මේ කෘතිම බුද්ධියට කිසිම කෙනෙකුගේ මෙහෙයවීමකින් තොරව තීරණ ගැනීමේ හැකියාවක් ලැබෙන්නෙ. AI අපේ එදිනෙදා ජීවිතයේ දකින්න ලැබෙන අවස්ථා හැටියට අපිට ගන්න පුළුවන් Siri, Google Assistant, AlphaGo වගේ දේවල්.

හැකියාව මත AI කොටස් 3කට බෙදන්න පුළුවන්.

1. Weak AI

2. General AI

3. Strong AI

වර්තමානය වෙද්දි අපි භාවිතා කරන්නෙ weak AI සහ general AI වුණත් අනාගත ලෝකයේ භාවිතා වෙයි කියල හිතන strong AI මිනිස් බුද්ධිය පවා අභිබවා යයි කියල විශ්වාස කරනවා.

Machine Learning

ඉතාමත් සරල විදිහට කිව්වොත් මේ ML කියන්නෙ දත්ත මගින් ඉගෙනීම. හරියටම අර්ථකථනය කලොත්,

" පැරණි දත්ත සහ අත්දැකීම් මතින් ක්‍රමලේඛනයකින් තොරව ඉගෙනීමක් ලැබීම"

ML උදව් කරනවා AI වලට විශේශයෙන්ම program කරල නැතුව පරණ data වලින් තීරණ ගන්න. තමන්ට ලැබුණ පරණ data උපයෝගී කරගෙන algorithms ඇසුරෙන් තමයි මේ ML වැඩ කරන්නෙ. එතකොට machine learning කියන concept එක භාවිතා කරල කෘතිම බුද්ධියකට පුළුවන් තමන්ට මීට කලින් ලැබුණ data analyze කරල ඒවගෙන් ස්වයං තීරණ ගන්න.

උදාහරණයක් විදිහට කිව්වොත් පොඩි ළමයෙක් පළවෙනි වතාවට ගින්දර දැක්කම ඒක මොකක්ද කියල බලන්න, ඒක අල්ලන්න ආසාවක් දක්වනව. ඒත් ගින්දරට අත පිච්චුණම එයා තීරණය කරනව ආපහු ගින්දර අල්ලන්නෙ නෑ කියල.

තවත් උදාහරණයක් කිව්වොත්  තරුණ ළමයෙක් කවදාවත් ගැහැණු ළමයෙක් නොදැක දූපතක ජීවත් වෙලා හදිස්සියෙම සාමාන්‍ය ලෝකෙට එන්න සිද්ධ වෙනවා. එතනදි එයාට එක තරුණියකට හිත යනවා. ඒත් මේ පිරිමි ළමය දන්නෙ නෑ හිත දිනාගන්නෙ කොහොමද කියල. එයා උත්සාහ කරනව සර්පයො ගෙනැත් දීලා හිත දිනාගන්න. ඒත් තරුණිය ඒකට අකමැතියි. ඊටපස්සෙ මල් ගෙනත් දෙනවා. තරුණිය ඒකට කැමති. එතකොට පිරිමි ළමයා දැනගන්නව මේ තරුණිය කැමති අකමැති දේ ගැන. චර්‍යා රටාවන්ගෙන් තොරතුරු ලබාගන්නවා. අත්දැකීමි වලින් තොරතුරු ලබාගන්නවා. Machine Learning වලිනුත් වෙන්නෙ මෙන්න මේකමයි.

මේ වගේ තමා කෘතිම බුද්ධිය මේ machine learning උපයෝගී කරගෙන වැඩ කරන්නෙ.

Machine Learning කියන field එක ගැන ගොඩක් අයට  interest එකක් තියන නිසා අපි FOSS NSBM එකෙන් boot-camp කියන session series එකේ second step එක විදිහට Supervised vs unsupervised learning ගැන කතා කරනවා. අපේ guest Speaker  එක්ක කතා කරල field එක ගැන interesting දේවල් ගොඩක් දැනගෙන, තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න අවස්තාවක් ලැබෙනව. ඔයාලා හැමෝටම එන්න කියල invite කරනවා.

Registration Link :- https://fossnsbm.org/events/

Date - June 16

Time -  6 pm

Via - Zoom

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.