මුලු ලොවටම වංචාකර අතුරුදහන් වූ කවුද මේ Crypto Queen ?

May 31, 2020

Dr.Ruja Ignatova කියන අපූරු ව්‍යාපාරික කාන්තාව ඇයව Crypto Queen ලෙස හඳුන්වගන්නවා. ඇය බිට්කොයින් සමග තරග කිරීම සඳහා නව Crypto Currency වර්ගයක් නිර්මාණය කල බව මිනිසුන්ට පැවසූ අතර බිලියන ගණනක් මිනිසුන් මෙහි ආයෝජනය කිරීම සඳහා පොළඹවා ගත්තාය. පසුව මීට අවුරුදු හතරකට පෙර (2016) බිලියන ගණන් මුදල් ද සමඟින් ඇය අතුරුදහන් විය.
Jamie Bartlet නම් ප්‍රසිද්ධ මාධ්‍යවේදියා විසින් මේ පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණයේ හඬ පටය පහතින් ඔබට සවන් දිය හැක.
The Missing Crypto Queen Podcast


https://www.bbc.co.uk/programmes/p07nkd84


2016 ජුනි මස මුල් භාගයේ දී මෙම 36 හැවැරිදි ව්‍යාපාරික කාන්තාව Wembley Arena වේදිකාවේ ඇවිද්දේ දස දහස් ගණනින් රසිකයන් ඉදිරියේ හරිම ආඩම්බරයෙනි. ඇය ප්‍රීති ඝෝෂා නගන ඇගේ රසිකයන්ට කියා සිටියේ one coin “සෑම කෙනෙකුටම සෑම තැනකම ගෙවීම් කළ හැකි ” ලෙස ලොව අංක එකේ cryptocurrency වර්ගය බවට පත්වන බවයි.
Bitcoin යනු ලොව පළමු Crypto Currency ඒකකය වන අතර එය තවමත් විශාලතම හා වඩාත්ම ප්‍රචලිත Crypto Currency ඒකකය වේ.2016 මැදභාගය වන විට එහි වටිනාකම සත කිහිපයක සිට ඩොලර් සිය ගණන් දක්වා ඉහළ යාම නිසා ආයෝජකයින් අතර Crypto Currency කෙරෙහි දැඩි උනන්දුවක් ඇතිවිණි. එමනිසා Dr.Ruja විසින් හඳුන්වාදුන් මෙම අමුතු නව අවස්ථාවට සම්බන්ධ වීමට බොහෝ දෙනෙක් බලා සිටියහ.One Coin නිර්මාතෘ Dr.Ruja තවදුරටත් පැවසුවේ ඇ ඇගේ සොයාගැනීම බිට්කොයින් සදහටම අඩපණ කරන බවත් මෙයින් අවුරුදු දෙකකට පසු කිසිවෙකුත් බිට්කොයින් පිළිබඳව කතා නොකරනු ඇති යනුවෙනි.
මෙම නව විප්ලවය කොටසක් වීමට බලාපොරොත්තුවෙන් ලොවපුරා ජනයා තම ඉතිරි කිරීම් සීඝ්‍රයෙන් one coin වෙත ආයෝජනය කිරීමට පෙළඹුණහ. BBC නාළිකාවට ලැබී ඇති සංඛ්‍යා ලේඛණ අනුව බ්‍රිතාන්‍ය ජාතිකයින් 2016 මුල් මාස 6 තුළ one coin සඳහා ඩොලර් මිලියන 30කට ආසන්න මුදලක් වැය කර ඇති බවත් මෙයින් සතියකට ඩොලර් මිලියන 2 වැය කර ඇති බවත් දැකගත හැක. 2014 අගෝස්තු සිට 2017 මාර්තු දක්වා කාලසීමාව තුළදී රටවල් දුසිමක ජනතාව Onecoin සඳහා බිලියන හතරකට වඩා වැඩි ප්‍රමාණයක් ආයෝජනය කර ඇත.
නමුත් මෙම ආයෝජකයින් නොදැන සිටි ඉතා වැදගත් දෙයක් තිබුණි. සෑම cryptocurrency වර්ගයක්ම blockchain නම් විශේෂ දත්ත ගබඩාවක් මත රඳා පවතී. මෙය විශාල පොතක් හා සමාන වේ. මෙහිදී cryptocurrency වලින් ගණුදෙනු කරන සෑම කෙනෙකුගේම පොතට ඔවුන් ගේ සියළුම ගණුදෙනු වාර්තා ඇතුළත් වේ.
කිසිදු පාර්ශ්වයකට මෙහි ඇති දත්ත වෙනස් කළ නොහැක. මෙම Blockchain තාක්ෂණය නිර්මාණය වී ඇත්තේ ඉතා ගැඹුරු ගණිතමය දාමයන් වලිනි. මෙම නිසා cryptocurrency ව්‍යාජ කළ නොහැකි බවත් අනවසරයෙන් කපා හැරිය නොහැකි බවත් සහ දෙවරක් වියදම් කළ නොහැකි බවත් තහවුරු වෙයි.
cryptocurrency රසිකයන් සඳහා මෙය විප්ලවීය නව ආකාරයක මුදල් වර්ගයක් වූ බැවින් ” ඔබ වේලාසනින් පැමිණියහොත් අමතර ධනයක් උපයා ගැනීමට අවස්ථාවක් තිබේ ” යන අදහස Dr.Ruja සැමවිටම ජනතාව අතර විකුණුවා ය.
නමුත් 2016 ඔක්තෝබර් මස මුලදී එනම් Dr.Ruja ගේ ලන්ඩන්හි පෙනී සිටීමෙන් මාස හතරකට පසු ඉතාමත් විශ්මිත රැකියා දීමනා සමඟ ඇයගේ නියෝජිතයකු විසින් ප්‍රසිද්ධ බ්ලොක්චේන් විශේෂඥයකු වූ Bjorn Bjercke හට අපූරු රැකියා අවස්ථාවක් ඉදිරිපත් කළේය.රැකියා දීමනාව ලෙස නිවසක් මෝටර් රථයක් සහ ඩොලර් දෙලක්ෂ පනස් දාහක ආකර්ෂණීය වාර්ෂික වැටුපක් ඔහු වෙත පිරිනමන බව තවදුරටත් නියෝජිතයා කියා සිටියේය. ඉතාමත් කුතුහලයෙන් පසු වූ Bjorn Bjerk නියෝජිතයාගෙන් අසා ඇත්තේ ” මෙම සමාගම සඳහා මා විසින් කළ යුතු දේ මොනවාද?? ” යන්නයි. ඔහු පවසා ඇත්තේ ” පළමුවෙන්ම ඔවුන්ට බ්ලොක්චේන් එකක් අවශ්‍ය බවයි” හේතුව මේ වන විට ඔවුන්ට බ්ලොක්චේන් එකක් නොතිබුණු හෙයිනි. නියෝජිතයා තවදුරටත් පවසා ඇත්තේ මෙම සමාගම cryptocurrency සමාගමක් වන බවත් කලක සිට එය ක්‍රියාත්මක වන බවත් එම සමාගම සතුව බ්ලොක්චේන් තාක්ෂණයක් නොමැති වන නිසා එය නිර්මාණය කිරීම සඳහා Bjorn Bjerck ගේ සහයෝගය අවශ්‍ය බවයි.Bjorn Bjerck විසින් සමාගමේ නම විමසූ විට නියෝජිතයා පවසා ඇත්තේ එය one coin වන බවයි. එය ඇසීමෙන් විමතියට පත්වූ Bjorn Bjercke රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇත.

මෙයින් මාස කිහිපයක් ගත වන විට cryptocurrency විශේෂඥයකු වූ Timothy Curry විසින් Bjorn Bjercke සමග එක්වී onecoin හි සිදුවන ව්‍යාජ ක්‍රියාවලිය ආයෝජකයින් හට ඉදිරිපත් කර ඇත. one coin හි ව්‍යාජත්වය හෙළි හෙළිවෙමින් පවතින විටත් Dr.Ruja ලොව පුරා ගමන් කරමින් one coin වෙත ආයෝජකයින් ඇදගමින් සිටියාය. one coin මුදල් වෙත හැරවීමට ඉඩ සලසන දිගුකාලීන පොරොන්දු හුවමාරුවක් විවෘත කිරීමද ප්‍රමාද වෙමින් පැවති නිසා ආයෝජකයින් වැඩි වැඩියෙන් සැලකිලිමත් වූහ. OneCoin පිළිබඳ සියලු ප්‍රශ්න විසඳීම සඳහා 2017 ඔක්තෝබර් මාසයේදී පෘතුගාලයේ ලිස්බන් නුවර යුරෝපීය one coin ප්‍රවර්ධකයන් ගේ විශාල රැස්වීමක් සංවිධානය කර තිබුණි. නමුත් රැස්වීමේදී සැමදා කලට වේලාවට වැඩ කළ Dr.Ruja පෙනී සිටියේ නැත. මෙයින් පසු ඇය අතුරුදහන් විය. ආයෝජකයන් සිතා සිටියේ ඇයව බැංකු විසින් මරා දමා ඇති හෝ පැහැර ගෙන ඇතැයි කියාය. නමුත් ඇය රහසිගත සැඟව ගොස් ඇත. 2014 ඔක්තෝම්බර් 25 වන දින ඇගේ ලිස්බන් ප්‍රදර්ශනයෙන් ඇති දෙකකට පසුව ඇය sophia සිට ඇතැන්ස් දක්වා රයන්යාර් ගුවන් යානයකට ගොඩ වී ඇති බවත් ඉන්පසු සම්පූර්ණයෙන්ම රේඩාර් වලින් ඉවත් වූ බව FBI වාර්තා පෙන්වා දෙයි.
කිසිවෙකු හෝ ඇයව අවසන් වතාවට දැක තිබූ අවස්ථාව එයයි.
අවසානයේදී ඇය බිලියන ගණනක් මුදල් සමගින් සැඟවී ගියාය.
one coin පිළිබඳ වැඩිදුර විස්තර පහතින් දක්වා ඇති සබැඳිය මගින් කියවිය හැක.


https://www.google.com/amp/s/www.bbc.co.uk/news/amp/stories-50435014

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.