පලතුරක නම් ගත් Single Board Computer එකක්...

Aug 04, 2020

ඔව් ඒ තමයි Raspberry Pi. අපි බලමු මොකක්ද මේ Raspberry Pi කියන්නේ කියලා.

ඉලෙක්ට්‍රොනික අංශයෙන් ඉදිරියට යන්න ආස කරන  අයට නිර්මාණකරණය පිණිස නිම වූ කුඩා ප්‍රමාණයේ තනි පුවරුවේ පරිගණක (Single Board Comuter)වර්ගයක් තමයි Raspberry Pi කියන්නේ.

විශේෂයෙන්ම පාසල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වල මූලික පරිගණක විද්‍යාව ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් රාජධානිය තුළ දී කුඩා තනි පුහුණු පරිගණක මාලාවක් ලෙස නිර්මාණය කළ පරිගණකයකි .2012 වසරේ සිට අද දක්වාම මෙම රටවල ශිෂ්‍යයන් මෙයින් විවිධ අන්දමේ උපාංග තනමින් විවිධ ප්‍රයෝජන ගනිමින් සිටිනවා.මුල් ආකෘතිය රොබෝ විද්‍යාව වැනි විෂයන් ඉලක්ක කර නිෂ්පාදනය කළ අතර ඊට වඩා විකිණීම අපේක්ෂා නොකළේය. එහි අතුරු කොටස් (Keyboard,Mouse) ඇතුලත් නොවේ .කෙසේ වෙතත් ඇතැම් උපාංග නිල හා නිල නො වන කොටස් කිහිපයකට ඇතුලත් කරලා තියෙනවා .

Raspberry යන පලතුර,Python Programming Language එක හා එකතු කර මෙම Raspberry Pi කියන නම නිර්මාණය වෙලා තියෙනවා..

Raspberry Pi logo


Raspberry Pi ලෙස හඳුන්වන්නේ  Single Board Computer එකකි.ඒ කියන්නේ ස්මාර්ට් දුරකථනයක් වැනි උපාංගයක්.මෙම පුවරුවෙ හි පවතින සියලුම කොටස් මෙම පුවරුවටම පාස්සලා සවි කරලා තියෙන්වා.(RAM,VGA,etc…).දැනට තිබෙන Raspberry Pi පුවරුවේ 1GB ධාරිතාවයකින් යුත් Arduino පුවරුවට වඩා සිය දහස් ගුණයක බලයක් මෙම Raspberry Pi පුවරුව සතුය.Arduino හි භාවිතා වන්නේ control board එකක් ලෙස වන නමුත් මෙම Raspberry Pi ඉහත සඳහන් කළ පරිදි Single Board Computer නිසා මෙම උපාංගය අප එදිනෙදා භාවිතා කරන පරිගණකය හා සම්බන්ධ කිරීමේදී වෙනම මෙහෙයුම් පද්ධතියක්(OS) ස්ථාපනය (Install)කිරීමට සිදුවෙනවා.එනම් Raspbian යන මෙහෙයුම් පද්ධතිය  (OS) එක ස්ථාපනය කරන්න ඕන.

Raspberry Pi වල ඉතිහාසය ගැන කීවොත්,

මෙහි පලමු පරම්පරාව(Raspberry pi Model B) , 2012 පෙබරවාරියේදී  නිකුත් කරන ලද අතර සරල ආකෘතියෙන් පසු එය නිකුත් කරන ලදී.මෙම පුවරුව ණය පතක (credit card) ප්‍රමාණයට ආසන්න වෙනවා.A+ සහ B+ ආකෘතියට දියුණු කරන ලද්දේ අවුරුද්දකට පසුවය ."ගණන(compute)මොඩියුලය"2014 අප්‍රේල් මාසයේ දී embedded යෙදුම් සදහා නිකුත් කරල තියෙනවා.2015 වසරේ පෙබරවාරි මාසයේදී තවත් RAM ප්‍රමාණයක් එකතු කරන ලද Raspberry Pi 2 වෙළඳපොළට නිකුත් කරන ලදී.කුඩා ප්‍රමාණයේ සහ ආදාන / ප්‍රතිදාන(I/O) සහ පොදු කාර්යය යෙදවුම් ආදාන / ප්‍රතිදාන (GPIO)හැකියාවන්ගෙන් යුත් Raspberry Pi Zero 2015 නොවැම්බර් මාසයේදී මාසයේ දී වෙළඳපලට හඳුන්වා දෙන ලදී .Raspberry Pi 3 ආක්කෘතිය  නිකුත් කරල තියෙන්නෙ 2016 පෙබරවාරි මාසයේ .එය Wi-Fi,Bluetooth සහ USB ආරම්භක හැකියාවන් ඇත. 2017 වන විට නවීන මූලික Raspberry Pi මොඩලය බවට පත් වුණා .2017 පෙබරවාරි 28 දින Raspberry Pi W ,Wi-Fi හා Bluetooth හැකියාවන් සහිත zero වර්ගයක් ද වෙළෙඳ පොළට හඳුන්වා දීලා තියෙනවා.

Raspberry Pi පුවරු වර්ග කිහිපයකින් දකින්න පුළුවන්..



දශක කීපයකට පෙර ඉලෙක්ට්‍රොනික උපාංග වල විශාල ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර තිබුණා. ඉන්පසුව ඒවා ඒකරාශී කරන අයි සී නැමති උපාංගය කරළියට ආවා. දැන් මේ Raspberry pi වැනි තනි පුවරු වල ඇත්තේ ඊට වඩා බෙහෙවින් බල ගතවූ  මයික්‍රොප්‍රොසෙසරයක් ඇතුලත් උපාංගයි.

raspberry pi board

මීට වඩා සංකීර්ණව විස්තර කරොත් පහත පරිදි  කොටස් අපිට බලාගන්න පුලුවන් ..

indetailed Raspberry pi board

දැන් අපි බලමු එදිනෙදා භාවිත වන පරිගණකය සහ Raspberry Pi අතර වෙනස ….🧐

තනි පුවරු  පරිගණකවල භාවිතා වන්නේ සාමාන්‍ය laptop සහ desktop පරිගණක වල පවතින CPU මාදිලිය නෙමෙයි .අඩු බලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් ,කුඩා ඉඩක දී, වැඩි රත්වීමක් නොමැතිව කරගන්නට මෑතකාලීනව කරළියට පැමිණි RAM සැකැස්මේ SoC(System on Chip) එකකුයි.දැන් බොහොමයක් ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් වල භාවිතා වන්නේ මෙම ඒ ARM මාදිලියේ CPU වර්ගයි.

අභ්‍යන්තර මාදිලි වෙනස නිසා අපිට කෙලින්ම ගෘහස්ථ පරිගණකයට යොදාගන්නා මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග ටැබ්ලට් , Smartphones සහ රාස්බෙරි පයි සඳහා යොදා ගන්නට හැකියාවක් නැහැ. Rasbian නැමති  මෙම පුවරුවට විශේෂයෙන්ම සැකසූ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට අමතරව Ubuntu සහ Windows විසිනුත් මෙම පුවරු  සඳහාම වන මෙහෙයුම් පද්ධති නිකුත් කොට තිබෙනවා.

මීඩියා වැඩකටයුතුවලට වැඩි ප්‍රමාණයකට සහයෝගය දක්වන මෙම Raspberry pi පුවරුවෙන් ලේසියෙන්ම කුඩා සිනමා ශාලාවක්, ඩීජේ යන්ත්‍රයක් ,සංගීත සැකැස්මක්, වීඩියෝ ඕඩියෝ රෙකෝඩරයක් ,ලෙසත් භාවිතා කරන්නට අවකාශය තිබෙනවා. ඒ වගේ අවස්ථාවලට භාවිතා කරන්න විශේෂ මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංගද රාස්බෙරි සඳහා නිකුත් වී තිබෙනවා .

විශේෂයෙන්ම කියන්න ඔනෙ දෙයක් තමයි,

නවීන රථ වාහන මූලික හැසිරවීම පුවරුව,මුදල් ගන්නා ATM මැෂිම,වෛද්‍ය උපාංග ආදී බොහෝ උපාංග වල දී තනි පුවරු පරිගණක යොදාගන්නවා.Display ,Sensor,Control Unit,දත්ත සේවා පහසුකම් ආදී බොහෝ දේ මෙම කුඩා රාස්බෙරියට කෙලින්ම සම්බන්ධ කරන්නත් හැකියාව තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා වෙන්වූ තිරයක්,සංවේදක, පාලන ඒකක ආදි බොහෝ උපාංග මෙම පරිගණකය සමග සෘජුවම සම්බන්ධ කර ගත හැකිය.විවිධ කාර්යන් සහ විවිධ නිභීත පද්ධති සඳහා භාවිත කරයි .උදාහරණ විදියට ,

  • කුඩා පරිගණකයක් ලෙස භාවිත කිරීම .
  • ආලෝක රටා සහිත බල්බ් වැල් සැකසීම.
  • සංගීත වැඩ කටයුතු වලට භාවිත කිරීම .
  • කාලගුණික දත්ත අනුව වෙනස් වන උපාංග තීරණය .
  • රොබෝ අත් සහ යානා වල මව් පුවරු ලෙස භාවිතය .
  • සංඥා පද්ධති සඳහා භාවිතය .
  • වීඩියෝ game යන්ත්‍රයක් ලෙස භාවිතය .
  • මීඩියා ප්ලේයරයක් ලෙස සකසා ගැනීම .

Raspberry Pi පරිගණකයට එක විට කාර්යයන් ගණනාවක් සිදු කළ හැකි පරිගණකයක් වෙනවා …


-සුරාජි ඒකනායක-

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.