Ubuntu 20.10 Groovy Gorilla
උබුන්ටු 20.10 සංස්කරණය

Ubuntu මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනය වන Ubuntu 20.10 Groovy Gorilla නමින් පසුගිය ඔක්තෝම්බර් මස අවසානයේ එනම් ඔක්තෝම්බර් 22 දින Ubuntu මෙහෙයුම් පද්ධතියේ හිමිකාරීත්වය දරනCanonical සමාගම විසින් තම පරිශීලකයින් වෙතමුදාහරිනු ලැබුවා.
කෙසේවෙතත්මෙම සංස්කරණය බොහෝදෙනාගේ අවධානයට ලක්වන කරුන නම්, මෙමසංස්කරනය මගින් Raspberry Pi සඳහාfull desktop experience එකක්ලබාදීමට මේ Ubuntu 20.10 අයත් Canonical සමාගම කටයුතු කර තිබීමයි.
මීටවසරකට පමණ ඉහතදී නිකුත්කල Raspberry Pi 4 හිසහ Raspberry Pi 2 සහ Raspberry Pi 3 යන Raspberry Board මාදිලිවල මෙය ඉතා හොදින්ක්රියාකරන අතර ඉන් පහලමාදිලි වලට මෙය install කල හැකි නමුත් ක්‍රියාත්මක කිරීමේදී යම් මන්දගාමී තත්වයක්ඇතිවන බව Ubuntu 20.10 නිර්මාපකයින් පවසයි.
ඒඅනුව 4GB සහ ඊට ඉහළRAM එකක් ඇති Raspberry Pi මාදිලි සදහා මෙය install කිරීමයෝග්ය බව ඔවුන්ගේමතයයි.
Ubuntu 20.10 තුල නවීකරණයට ලක්වූ විශේෂාන්ග.
Linux kernel 5.8

Ubuntu 20.10 Groovy Gorilla සංස්කරණය තුල නිවීකරනය වූතවත් අංග පිලිබද අවධානයයොමුකරන විට මීලගට කතාබහටලක්වෙන්නේ ලිනක්ස් කර්නලයයි. පෙර් තිබූ Linux kernel 5.4 යාවත්කාලීන කරමින්නවතම Ubuntu 20.10 Groovy Gorilla සංස්කරණයේනව ලිනක්ස් කර්නලය Linux kernel 5.8 නමින් නිකුත්කර තිබේ.
Linux kernel 5.8 හි නවීකරණයට ලක්වූවිශේෂාංග පිලිබද සලකාබලන විට,
- Kernel Event කර්නල් සිදුවීම් දැනුම්දීමේ යාන්ත්‍රණය (Notification Mechanism)
- ඉන්ටෙල් ටයිගර් ලේක් තණ්ඩර්බෝල්ට් සහාය (Intel Tiger Lake Thunderbolt support),
- දීර්ග කරන ලද IPv6 බහු-ප්‍රොටොකෝල් ලේබල් ස්විචින් සහාය (extended IPv6 Multi- Protocol Label Switching (MPLS) support)
- ඉන්ටෙල් ටයිගර් විල සහ x86 නොවන පද්ධති සඳහා තණ්ඩර්බෝල්ට් සහාය (Thunderbolt support for Intel Tiger Lake and non-x86 systems)
වැනිවිශේෂාංග නිදසුන් ලෙස පෙන්වාදිය හැකිය.
GNOME desktop environment.

Ubuntu 20.10 හි ඇතුළත් වන තවත් ප්‍රධාන වෙනසක් වන්නේවැඩි දියුණු කර ඇති GNOME desktop environment හි නවතම අනුවාදයයි.
GNOME 3.38 හඳුන්වා දෙන සියලු පරිශීලකයින්කැමතිම අංගයක් වන්නේSystem menu එක තුල එක්කර ඇතිRestart අංගයයි.

Share Wi-Fi hotspot Via QR Code
GNOME 3.38 පරිශීලකයින් හට දැන් laptop, tablets සහ අනෙකුත් mobiles උපාංගසමඟ QR කේතයක් share කරගැනීමේ හැකියාව ලබාදී ඇති අතර එයින්ඔබේ ලිනක්ස් පද්ධතිය අතේ ගෙන යාහැකි Wi-Fi හොට්ස්පොට් එකක් බවට පත්කළ හැකිය.

Add events in GNOME Calendar app

GNOME 3.38 පරිශීලකයින් හට ලැබී ඇති තවත් එක් සේවාවක් ලෙස වැඩිදුනු කල GNOME දින දර්ශන යෙදුම (GNOME Calendar app) පෙන්වාදිය හැකිය. මෙම නවීකරනය කරන ලද GNOME Calendar app මගින් birthday, meetings, reminders, releases වැනි දේ save තැබිය හැකි අතර එම සිහිකැදවීම් message tray එකක් මගින් පරිශීලකයින් හට පෙන්වීමට (display කිරීමට) ඉඩසලසා දී ඇත.
තවද GNOME Calendar app තුල save කර තබන කරුනූ පරිශීලකයින්ගේ google, Microsoft වැනි cloud calendar තුලට sync කිරීමේ හැකියාවද ලබාදී තිබේ.
Settings Dialog Tweaks
එය විශාල වෙනසක් නොවේ, නමුත් “Settings” dialog box තුල පහත දැක්වෙන ආකාරයට පෙර තිබූ හැදින්වීම් සදහා මෙම විකල්පයන් නම් කර ඇත.

Improved fingerprint login support.

ඔබගේ laptop පරිගණකය fingerprint reader එකක් සහිත පරිගණකයක් නම් Ubuntu 20.10 සංස්කරනයේ දී ඔබට laptop පරිගණකයට log වීම ඉතා කාර්යක්ශමව සිදුකර ගත හැකිය.
App reorder and organizing.

පෙර තිබූ තත්වයට වඩා ඔබට කැමති අයුරින් ඇදගෙන ගොස් ( drag and drop ) ස්ථානගත කළ හැකිවීම නිසා මෙයද වැඩිදියුනුවීමකට ලක්වී තිබේ.
ඉහතසදහන් කරන ලද යාවත්කාලීනකිරීම් වලට අමතරව Ubuntu 20.10 තුල යාවත්කාලීනකිරීමට ලක්වූ software's සහ subsystems කිහිපයක් පහත දැක්වේ.
- Glibc 2.32, GCC 10, LLVM 11
- OpenJDK 11
- rustc 1.41
- Python 3.8.6, Ruby 2.7.0, PHP 7.4.9
- perl 5.30
- golang 1.13
- Firefox 81
- LibreOffice 7.0.2
- Thunderbird 78.3.2
- BlueZ 5.55
- NetworkManager 1.26.2
Ubuntu 20.10 තුල අනෙකුත්වැඩි දියුණු කිරීම්.
- Nftables replaces iptables as default backend for the firewall
- Better support for fingerprint login
- Cloud images with KVM kernels boot without an initramfs by default
- Snap pre-seeding optimizations for boot time improvements