Software Developers ලා වෙනුවෙන්ම නිමැවූ VS Code තේමාවන්
සාමන්‍යයෙන් ගොඩක් developers ලා දවසේ වැඩි හරියක් ගත කරන්නේ code කරමින්, මොකද ඒ දෙයට ඔවුන් හුරු වෙලා ඉන්නේ. ඉතින් මේකෙන් කියවෙන්නේ ඔවුන් විශාල වශයෙන් කාලය ගත කරන්නේ windows සමාගමෙන් සම්පූර්නයෙන් නිදහස්ව භාවිතයට ලබා දුන් Visual Studio Code මෘදුකාංගය සමගින් කියන එකයි. ඉතින් දවසේ වැඩි හරියක් කාලය ගතකරන මෙම IDE එක ටිකක් ප්‍රතිසංස්කරණය කරගෙන ලස්සන පෙනුමක් ලබා ගැනීමට කෙටි කාලයක් වැය නොකරන්නේ ඇයි?
ඉතින් දැන් මේ කියන්න යන්නේ මේ IDE එක ලස්සන කරගන්න පොඩි ක්‍රමයක්, අපි මේ IDE එක දිහා බලාගෙන නේ සියළුම වැඩ කරන්නේ සමහර වෙලාවට මේක බලාගෙනම හිටියම කම්මැලි හිතෙනවා නැත්තම් අවදානය අඩු වෙලා යනවා. මේ වෙන දේ අඩු කරගන්න අපිට පොඩි දෙයක් කල හැකියි ඒක නම් මේකට ලස්සන තේමාවක්(Theme) යොදාගන්න පුලුවන්, අපිට අපේ ඇස් වලට හානියක් නොවන සහ අවදානය අඩු නොවන තේමාවක් භාවිතා කිරීමෙන් කරන්නා වූ වැඩේට සම්පුර්ණ අවදානයක් යොදාගත හැකි සේම ඉතා පලදායි කේතකරන නිමාවක් ගත හැකි. ඒ වගේම වඩා හොඳ කේතකරන අත්දැකීමක් ගන්නට පුලුවන්.
ඔයාගේ වැඩ වලට ගැලපෙන විදියට සකසන ලද තේමා(theme) 10ක් ගැන මෙතැන් සිට බලාගන්න පුලුවන්. සෑම කෙනෙක්ටම භාවිතයට ගත හැකි යමක් මේ තේමා(theme) 10 තුල අන්තර්ගතව තිබේ.
1. Plastic
Plastic යනු සරල වාක්‍ය ඛන්ඩ වලට භාවිතා කල හැකි සහ ඇසට පහසු සරල පරිශීලක අතුරුමුහුණතකින්(UI) සමන්විත විශේෂයෙන් JavaScript developers සඳහා උචිත තේමාවකි.මෙයට හේතුව නම් මෙහි නිර්මාතෘවරයා JS developer කෙනෙක් වීමයි. මෙම තේමාවට මූලික කරගෙන තියෙන්නෙ Atom’s One Dark තේමාවයි නමුත් එම තේමාවට වඩා පොඩ්ඩක් පමන අඳුරු වන අතර තේමාවේ නිර්මාතෘවරයාට අනුව මෙය වඩා සරල ය
2. Palenight
ඉතාමත් අලංකාර බවකින් යුක්ත තේමාවක්(Theme) බවට දැකපු ගමන් ඔබට වුවද පෙනේ. මෙම තේමාව ලොවපුරා සිටින VS පරිශීලකයන් 300k (ලක්ශ 3ට) අධික බාගැනීම් වලින් යුක්ත තේමාවකි. මෙම තේමාව බැලූ බැල්මට සාමනය්‍ය සරල තේමාවක් නොවේ එසේ වීමට හේතුව නම් මෙහි ඇති Juicy material පෙනුම සහ Elegant Style නිසාය. මෙම තේමාව ලොව පුරා සිටින සංවර්ධකයින්(Developers) බොහොමයක් නිර්දේශ කරනු ලබන තේමාවකි.
3. Atom One
මෙය බොහෝවිට VS Code තුල ඇති වඩාත් ජනප්‍රිය තේමාවන්ගෙන් එකකි මන්ද යත් මෙය මිලියන 1.1 වඩා වැඩි පරිශීලකයන් පිරිසක් බාගත කර ස්තාපනය කර ඇති තේමාවකි.මෙය බොහෝ සංවර්ධකයින්ගේ(Developers) පලමු තේමාව බවට පත් වේ. එයට හේතුව නම් මෙම තේමාව තුල භාවිතයට ගනු ලබන වර්ණ පටිපාටි ඉතා සියුම් වන අතර එම නිසා කේතයේ සිදුවන සියුම් වෙනස්කමක් පවා හඳුනාගැනීමට ඉතා පහසු වන නිසාය.
4. Shades of Purple
මෙම තේමාවේ නමින්ම මෙම තේමාව ගොඩක් දුරට ප්‍රකාශයට පත් කරනු ලබයි. එනම් මෙම තේමාවේ වර්ණය දම් පාට වන බව සහ තේමාවේ අන්තර්ගත shades දම්පාටින් සහ ඊට ප්‍රතිවිරුද්ධ වර්ණ කිහිපයකින් සමන්විත වන නිසාය.
5. Nord
මෙම තේමාව තමා ආක්ටික්, උතුරු-නිල් පිරිසිදු හා අලංකාර VS Code තේමාවක් ලෙස පැහැදිලි කරනු ලබයි.මෙම තේමාවේ පෙනුම අයිස් නිල් සහ සුදු පැහැයට හුරු ලා නිල් වර්නයකින් පෙන්නුම් කරනු ලබයි.මෙම තේමාවද 250K(250,000) පමණ වාර සංඛයාවක් පරිශීලකයින් විසින් ස්ථාපනය කර ඇත.මෙම තේමාව අනිවාර්යයෙන්ම ලොව ඉහලම වාර ගනනක් ස්තාපනය කර ඇති තේමා 10ය (Top 10)අතරට යනු ඇත.
6. Noctis
Noctis යනු සැහැල්ලු සහ අඳුරු තේමාවන්ගේ එකතුවකි. මෙයද මෙම ලැයිස්තුවට අනිවාර්යයෙන්ම එකතු වන තේමාවන්ගෙන් එකක් වන අතර මෙම තේමාවේ භාවිතා කර ඇති තද වර්ණ නිසා මෙය අනික් තේමා අතරින් කැපී පෙනේ.
මෙම තේමාව නිර්මාණය කර ඇත්තේ ඇස් වලට පහසු වන අතර මෙහි භාවිතයට ගෙන ඇති වර්ණයන්ගෙන්ද අර්තවත් අර්තයක් ලබා දෙමින් ය.
7. Dracula Official
මෙම තේමාවේ නම අසනවිටම ඔබගේ මතකයට එන්නේ කුමක්ද? ඔව් ඔව් ඔබ හරි ඩ්රැකියුලා ගැන තමා. ඩ්රැකියුලා ගැන සිතන විට මතකයට එන දෙය අඳුරු දෙයක් විය හැකිය, එය එසේ වීමට පුලුවන මොකද මෙම තේමාව අඳුරු ගතියට බරව සාදා ඇති නිසා.
මිලියන 1.1කට වඩා වැඩි ස්තාපනයන් ගණනක් තිබෙන නිසාත් අඳුරු පැහැයට හුරු නිසාත් මෙය නියත වශයෙන්ම සංවර්ධකයන් අතර ප්‍රිය කරන තේමාවක් වී ඇත
8. Panda
Panda යනු ඉතාමත් ලස්සන සහ අඳුරු syntax සහිත තේමාවකි. මම පෞද්ගලිකවම මෙම තේමාවේ යොදාගෙන ඇති වර්ණ සංයෝගයට කැමතිය. මෙම තේමාවද වසර ගනනාවක සිට VS Code හි තිබෙන අතර 225K (225,000) වාරයක් පමන ඔවුන්ගේ පරිගනක වලට මෙම තේමාව ස්තාපනය කරගෙන ඇත.
9. Material Theme
Material තේමාව යනු මෙම තේමා ලැයිස්තුවේ ඇති ඉතාමත් ජනප්‍රිය තේමාව කිව්වොත් නිවැරදිය මොකද කිව්වොත් මිලියන 8 කට අධික පරිශීලකයන් පිරිසක් ස්තාපනය කර ඇති, VS code Marketplace තුල ඇති දෙවන විශාලතම ස්තාපන තේමාවයි .එතරම් පරිශීලකයන් පිරිසක් සිටින මෙම තේමාව ගැන තවත් විස්තර කිර්‍රිමට අවශ්‍ය යැයි මම නොසිතමි.
10. Lukin Theme for VS Code
මෙම තේමා ලැයිස්තුව ගත් විට ඉතාමත් අඳුරු පැහයට(ultra-dark) හුරු සහ මම පෞද්ගලිකව දෙවෙනියට කැමති තේමාවක් තමා මේ.තවද මෙම තේමා ලැයිස්තුවේ ඉතාමත් අවම ප්‍රමානයක් බාගත(dowload) කරගන්නා ලද තේමාවද වේ එයට හේතුව වනුයේ මෙම තේමාව මේ වසරේ මාර්තු මස අවසානයේදි නිකුත් කරනු ලැබූ නිසාවෙනි. කෙසේ වෙතත් මෙම තේමාවේ සරල ගතිය සහ Ultra-dark පෙනුම නිසා ඉදිරි වර්ශ වලදී ජනප්‍රිය වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.
අවසානයට මට කීමට ඇත්තේ ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන අවම වශයෙන් එක් තේමාවක්වත් හෝ සොයා ගත්තා යැයි මම හිතනවා.ඔබේ කේතීකරණ අත්දැකීම් වැඩිදියුණු කරගැනීමට මෙය කුඩා හෝ පිටුවහලක් වනු ඇත.ඔබට මෙම තේමාවන් පහසුවෙන් වෙනස් කරගැනීමට පුලුවන්. එබැවින් තේමාවක එක් විශේෂිත වර්ණයකට ඔබ අකමැති නම් ඉතිරිය හොඳයි නම්, ඔබට එම වර්ණයට වඩා හොඳට කැමති වර්ණයකට පහසුවෙන් වෙනස් කළ හැකිය.