මොකක්ද මේ හැමෝම කතා කරන Flutter කියන්නේ...

Sep 01, 2020
flutter

Flutter කියන්නෙ සරලවම කියමවෙම් Open Source Mobile Application Development Framework එකක් මේ flutter framework එක හදුන්වල දෙන්නෙ Google ආයතනයෙන්, 2015 වර්ෂයේදි Flutter නිවේදනය කරනවා නමුත් flutter 1.0 නිල වශයෙන් නිකුත් කරන්නෙ 2018 වර්ෂයේදි. මේ වසර කීපය ඇතුලත Flutter භාවිත කරන ප්‍රමාණය නොහිතපු ආකාරයෙන් ඉහලට ඇවිල්ල තියෙනව. Flutter කියන framework එක හරහා එකම programming language එකකින් Android,IOS, කියන OS දෙකේම application හදාගන්න පුළුවන්. flutter framework එකේ කලින් කිව්වා වගේ පාවිච්චි වෙන්නේ එක programming language එකක් ඒ තමයි Dart මේ language එක හඳුන්වලා දෙන්නෙත් ගූගල් ආයතනයෙන් 2011 වර්ෂයේ දී .

        මේ Dart language එක ගොඩක් දුරට syntex වල වගේම තවත් පොඩි වෙනස්කම් ටිකක් ඇරුණම C#,Java වගේ language වලට සමානයි ඉතින් ඒ වගේ language එකක් භාවිතා කරලා තියෙනවා නම් dart කියන එකට හුරුවෙන එක ඉතාමත් පහසුයි මේ Flutter භාවිතා කරන්න සුදුසුම integrated development environment (IDE) එක විදියට ගූගල් ආයතනයෙන් කියලා තියෙන්නේ android studio නමුත් intellij IDEA community, intellij IDEA ultimate වගේ IDE ත් යොදාගන්න පුළුවන් කියලා ගූගල් ආයතනයෙන් කියලා තියෙනවා වගේම IDE එක විදිහට visual studio code එකත් භාවිතා කරන්න පුළුවන්.

    Flutter වලට අමතරව මේ වගේම framework එකක් විදිහට React native හඳුන්වන්න පුළුවන් නමුත් ඇයි අපි ඒ වගේ පරණ framework එකක් තියාගෙන Flutter වගේ අලුත් එකකට යන්නේ Flutter කියන්නේ fast app development framework එකනිසා ඉක්මනින් development කරන්න  පුළුවන් වෙන්න පහසුකම් මේ framework එක අපිට ලැබෙනවා උදාහරණයක් විදිහට Hot reloading පහසුකම මේක නිසා අපි අපේ කෝඩ් එකේ පොඩි වෙනසක් කළොත් ඉක්මනින් අපේ එකෙක් ඒ වෙනස බලාගන්න පුළුවන් නමුත් මෙතනදි code එකේ ලොකු වෙනසක් කළොත් Hot reloading හරියට හරියන්නේ නෑ නැවත රන් කරන්න ඕනේ . මේ flutter framework එක ගූගල් එකෙන් හඳුන්වලා දීලා තියෙන නිසා අපිට බය නැතිව බාවිතා කරන්න පුලුවන් open source framework එකක් නිසා libraries වගේම දේවල් නොමිලේ ලබාගන්න පුළුවන් නමුත් මේ Flutter වලට තාමත් libraries, React native වලට තරම් නෑ ඒක නිසා ගොඩක් ලොකු project එකක් කරන්න ටිකක් අපහසුතා තියෙන්න පුළුවන් libraries වල අඩුකම නිසා නමුත් අත්‍යවශ්‍ය සියලුම දේවල් මේ Flutter හරහා ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් සහ ඉස්සරහට මේකට තව අවශ්‍ය libraries වගේ දේවල් අනිවාර්යෙන්ම හැදෙනවා කියලා කියන්න පුළුවන් ඉතින් හැමෝටම Flutter කියන්නේ මොකක්ද කියලා idea එකක් එන්න ඇති කියලා හිතනවා.

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.