What is JSON

Aug 04, 2020

මොකද්ද මේ JSON කියන්නෙ ඇයි මේ JSON කියන එක මෙච්චර ප්‍රසිද්ද, JSON කියන්නෙ JavaScript Object Notation කියන එක මේක එක්තරා විදියක language එකක් කියල කියන්න පුලුවන් උනත් මේක ඇත්තට client ගෙන් server එකටත් sever එකෙන් client ටත් දත්ත හුවමාරු කරන්න භාවිතා කරන file format එකක්  මේක base වෙලා තියෙන්නේ JavaScript කියන language එකමත. මේ JSON කියන format එක හඳුන්වලා දෙන්නේ Mr. Douglas Crockford  මහතා විසින්, මේ file format එක නිලවශයෙන් standard file format එකක් විදියට පළමවනි edition එක නිකුත් කරන්නේ 2013 වර්ශයේදි.

මේ file format එක භාවිතා වෙන විදිය කියනවා නම් කිසිම website එකකින් හෝ mobile application එකකින් client විසින් යම්කිසි දත්තයක් ලබාගැනීමට request එකක් server එකට ලබා දෙනව ඒ අවස්තාවෙදි ඒ දත්ත කුඩා වචන කීපයක්නම් ඉතාමත්ම පහසුවෙන් එම දත්ත server එකෙන් client හට් ලබාදෙන්න පුලුවන් නමුත් යම්කිසි සංකීර්ණ දත්ත ප්‍රමානයක් transfer කරන එක ටිකක් අපහසු ක්‍රියාවක් ඉතින් ඒ සඳහා JSON file format එක භාවිතා කරනවා. උදාහරනයක් විදියට android application එකකුත් java application server එකකුත් අතර සිදුවෙන දත්ත හුවමාරුවක් සලකා බලමු, මෙතනදී java server එකෙන් ලබාදෙන object එකක් JSON file format එකට පරිවර්තනය කරලා transfer කිරීමෙන් අනතුරුව object එකක් විදියට නැවත පරිවර්තනය කරලා android application එකට ලබාදෙනවා නමුත් කොහොමද අපි object එකක් JSON වලටත් JSOn එකක් object විදියටත් පරිවර්තනය කරන්නේ, ඒ සඳහා විශාල libraries ප්‍රමානයක් තියෙනවා උදාහරණ විදියට GSON, Jackson කියන libraries හඳුන්වන්න පුලුවන්.

මේත් එක්කම ඕන කෙනෙක්ට එන පොදු ගැටලුවක් තමයි මේ ක්‍රියාව, මේ දේ කරන්න කියන එකම ක්‍රමය JSON ද කියන එක , ඇත්තෙන්ම නෑ මේ JSON හදුන්වල දෙන්නේ ඉතාමත් මෑත කාලයේදී ඉතින් ඊට කලින් මේ දේ සිද්දකරපු සහ තවමත් භාවිතා වන ක්‍රම තියෙනවා උදාහරණයක් විදියට XML හඳුන්වන්න පුලුවන් , නමුත් ඒ සඳහා ඒ ආකාරයෙන්ම එකම ක්‍රියාව කරන්න පුලුවන්නම් ඇයි මේ JSON කියන file format එක භාවිතා කරන්නේ, මොකද කියනවා නම් මේ file format එක ඉතාමත් සරල පහසු ක්‍රමයක් වගේම බරින් අඩු file format එකක් ඒක නිසා මේ JSON මේ වෙනකොට ජනප්‍රිය වෙලා සහ වෙමින් පවතිනවා.

JSON වල බහුලව භාවිතා වන ප්‍රයෝජනවත් data types කීපයක්,

  • String
  • Number
  • Object (JSON object)
  • Array Boolean
  • Null

JSON  වල ප්‍රයෝජනවත් නොවන් data types කීපයක්

  • Function
  • Date
  • Undefined

දත්ත යැවීම- ගබඩා කර ඇති JavaScript Object එකක් JSON බවට පරිවර්තනය කර Sever එක වෙතට යැවිය .

දත්ත ලබාගැනීම-JSON file format එකක් JavaScript Object එකක් බවට පරිවර්තනය කර ලබාගැනීම .

Written By Thilina Pathirage

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.